
ගලහ සමූහ සි.කේ. වික්‍රම
දෙල්තොට පත්තම් පල්ලිය ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් පාලු කඩ කාමරයක් තුළ රහසිගතව සගවා තිබූ යතුරු පැදි හතරක් ඊයේ දින (1) දහවල් ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායම ක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම යතුරු පැදි හතරම බස්නාහිර පළාතේ ලියාපදිංචි කොට ඇති අතර යතුරු පැදි තුනක් පුද්ගලික ආයතන නමින් කොටුව නාරාහේන්පිට හා කොල්ලුපිටිය පදේශයේ ලිපිනයන් යටතේ ලියා පදිංචි කොට ඇත.
එක් යතුරු පැදියක් මොරටුව කොරලවැල්ල පදේශයේ සිංහල ජාතිකයෙකුගේ පුද්ගලික නමකට ලියාපදිංචි කොට ඇත.
පසුගිය විසිඑක්වන දින ඇතිවූ සිද්ධිය හා සම්බන්ධතාවයක් ඇති ද යන්න තහවුරු කිරීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත
ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරජීව පොලිස් සැරයන් 3769 තිලකරත්න පොලිස් කොස්තාපල් 45213 අජිත් 73879 අබේකෝන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.