
(නාඋල සමූහ - අයි.ඒ.කුමාර)
රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන හා උප නගර රැසක ව්‍යාපාරික කටයුතු අඩපණ වී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි මාතලේ හා දඹුල්ල අතර ඇති උප නගර රැසකට මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ඔවුහු කියති.
යටවත්ත,මඩවලඋල්පත හා නාඋල උප නගරවලට මේ දිනවල පාරිභෝගිකයින්ගේ පැමිණිම අඩුවී තිබේ. මෙම තත්ත්වය හමුවේ තොග වෙළදාමේ නිරත වන බොහෝ ව්‍යාපාරිකයින් මෙන්ම සිල්ලර වෙළදාමේ නිරත බොහෝ ව්‍යාපාරිකයින් මහත් අසීතාවට පත්ව ඇතැයි කියති.
මේ අතර සන්නිවේදන සේවා සපයන ආයතන රැසකට ද මෙම තත්ත්වය හමුවේ දැඩි බලපෑම් එල්ල වී තිබේ.ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාම සදහා බැංකු මගින් ලබාගෙන ඇති ණය සදහා වාරික ගෙවීම් හා තොග බඩු සදහා මුදල් යෙදවීම වැනි කාරණා වල දී අලවිය වැදගත් කරැණක් බව පවසන බොහෝ ව්‍යාපාරිකයින් කියා සිටින්නේ රට තුළ යහපත් වාතාවරණයක් ගොඩ නැගෙන තුරැ මෙම තත්ත්වය පහව නොයන බවයි.
කෙසේ වෙතත් පවතින අයහපත් තත්ත්වය කඩිනමින් යථාතත්ත්වයට පත්ව මහජන ජීවිතය ද යාථාතත්ත්වයට පත්වනු ඇතැයි ව්‍යාපාරිකයෝ විශ්වාසය පලකරති.