හමුදා හා අන්තවාදී කණ්ඩායමක් අතර ගැටුමක් | සිළුමිණ

හමුදා හා අන්තවාදී කණ්ඩායමක් අතර ගැටුමක්

පසුගිය සිකුරාදා පස්වරුවේ කල්මුණේ සයින්දුමරුන්දු නගරයට නුදුරු නින්දවුර්හි ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදුකළ අවස්ථාවේදී යම් අන්තවාදී යැයි සැක කරන පිරිසක් ඊට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් හා බෝම්බ පුපුරවා ගෙන ඇති අතර එම අවස්ථාවේදී අන්තවාදීන් කිහිප දෙනකු මිය ගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබන්නට ඇතැයි පත්‍රය මුද්‍රණයට යන විට වාර්තා වී තිබුණි.

සිකුරාදා පස්වරුවේ සම්මන්තුරේ නිවාස දෙකක අවි ගබඩා වැටලූ අවස්ථාවේදී පොලිසියට හා විශේෂ කාර්ය බළකායට ලද තවත් තොරතුරක් මත සයින්දුමරුන්දු - නින්දවුර් හි පිහිටි පල්ලියක් අසල නිවාස කිහිපයක් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී මේ පුපුරවා ගැනීම් සිදු කර ගෙන ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේදී ඒ බව යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව 241 බල සේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිර මහතාගේ මෙහෙයවීමේන් 3 වන විජයබා රෙජිමේන්තුවේ නිලධාරීන් හා සෙබළුන් එම ස්ථානයට ගොස් එම ප්‍රදේශය වටලා පරීක්ෂා පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇතත් අන්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් බෝම්බ පුපරවා ගෙන ඇතැයි වාර්තා වේ. මේ ගැටුමින් ඔවුන්ට වූ හානි පිළිබඳව වාර්තා වී නොතිබුණු අතර ආරක්ෂක අංශවල කිසිදු සාමාජිකයකුට අනතුරක් සිදු නොවූ බව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා කීය.

සිකුරාදා රාත්‍රිය වන විට එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නිතිය පනවා තිබුණු අතර එම ප්‍රදේශයේ ආරක්ෂක හමුදා විසින් වටලා තිබුණු අතර 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් අවශ්‍ය තරම් ආරක්ෂක භටයින් එම ස්ථානයට යොමු කර ඇති අතර මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක කෙරේ.

 

Comments