ආරක්ෂක අංශවලට සහාය දෙන්න | සිළුමිණ

ආරක්ෂක අංශවලට සහාය දෙන්න

පසුගියදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට සම්බන්ධ පිරිස් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් සුළු ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත යුතුව තිබෙන හෙයින් මේ අනතුර සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම නිසා මේ අවස්ථාවේදී ලක්වාසී සියලු ජනතාව කළ යුත්තේ ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු කරන පොලිසියට හා හමුදාවන්ට සහාය ලබා දීම බවද අගමැතිවරයා පෙන්වා දෙයි. ඒ සඳහා ඉතාම විමසිලිමත්ව හා ඉවසිලිමත්ව ක්‍රියා කිරීමට අපි සියලු දෙනා වගබලා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා සිදු වූ විපත් හා අඩුපාඩු අනාගතයේ සිදු නොවීමට අපි වගබලා ගත යුතු බවත් මෙවැනි දුර්වලතා වළක්වාලීමට පියවර ගත යුතු බවයත් පෙනවා දෙන අගමැතිවරයා ජන ජීවිතය සුරක්‍ෂිත කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවද අවධාරණය කෙළේය.

Comments