
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි දා ඉරිදා දින අපර භාග 02.09 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වැනිදා ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපර භාග 08.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනිදා ඉරිදා දින පූර්ව භාග 07.45 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වැනි ඉරිදා අපර භාග 02.09 සිට අපර භාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.
ආහාර පිසීම
අප්‍රෙල් මස 14 වැනිදා ඉරිදා අපර භාග 02.42ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිල යන කුළුබඩු දමා)
අග්ගලා සහ කැවුම් පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනිදා ඉරිදා අපර භාග 03.54ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට
ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වැනිදා බදාදා දින පූර්ව භාග 07.40ට නැඟෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී-රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වැනිදා
බ්‍රහස්පතින්දා පලාවන් පැහැති වස්ත්‍රාභරණයන් සැරසී හකුරු සහ තල මොරු මිශ්‍ර කිරිබත් අනුභවකර පූර්ව භාග 04.52 ට නැඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.