
උත්සව සමයේ බීමත් රියැදුරන් පරීක්ෂාව සඳහා අලුතින්ම ශ්වසන පිරික්සුම් නල 25,000ක් ගෙන්වා දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට බෙදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
පසුගිය 11 දා සිට දින දහයක් පුරා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව කී හෙතෙම උත්සව සමයේ කොළඹ නගරයේ ආරක්ෂාවට පමණක් පොලිස් නිලධාරීන් 2,400ක් යොදවා ඇතැයිද ප්‍රකාශ කළේය. එහිදී වංචනික ක්‍රියාවල යෙදෙන වෙළෙඳුන් සහ ගැට කපන්නන්ගෙන් මහජනයා ආරක්ෂා කරගැනීමට සිවිල් ඇඳුමින් යුත් නිලධාරීන් ඇතුළු 800 දෙනකු හා කොළඹ සහ තදාසන්න පෙදෙස්වල රථවාහන හැසිරවීමට නිලධාරින් 1,600 දෙනකු යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. සමස්තයක් ලෙස ගත් කල අප්‍රේල් මස රථවාහන අනතුරු හේතුවෙන් වැඩිපුරම මරණ සිදු වන මාසය ලෙස සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අනුව 2016, 2017, 2018 පිළිවෙළින් මරණ 268, 320ක් සහ 296ක් සිදුව ඇති බවද කීවේය.