
ඩුබායිහි අත්අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ කංජිපානි ඉම්රාන් නොහොත් මොහොමඩ් නජීම් ඉම්රාන් සහ රොටුඹ අමිල සහ තවත් පුද්ගලයෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ, ඔවුන් තිදෙනා කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.ඔහු කටුනායකට පැමිණීමෙන් අනතුරුව මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.මේ අතර ඩුබායි අත්අඩංගුවේ සිට නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනිණ.පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රශ්න කිරීම්වලට ඔවුන් ලක්වූ අතර, නදීමාල් පෙරේරා පැය 8 ක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ මුදාහැර තිබුණි.කෙසේ වෙතත් මෙම බන්ධනාගාර නිලධාරියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ පස්වරුවේ භාරදීමෙන් අනතුරු අත්අඩංගුවට පත්විය.