ලංගම රක්ෂණය ගැන‍ අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් | සිළුමිණ

ලංගම රක්ෂණය ගැන‍ අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පාඩු සිදු වන ලෙස සිදු කිරීමට යෝජනා වූ රක්ෂණ ආවරණයක් වහා නිවැරදි කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය අවධාරණය කරයි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් සිදු කළ එමඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2ක් ඉතිරි කරගන්නට හැකි වූ බව අමාත්‍යාංශය පවසයි.

ගමනාගමන මණ්ඩල බස්රථ ඇණිය, රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ තුන්වැනි පාර්ශ්වයන් රක්ෂණය කිරීමේදී අඩුම ලංසුවක් ඉදිරිපත් කළ රක්ෂණ භාරකාර අරමුදලට ඒ රක්ෂණය ලබා නොදී, වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමට එය පැවරීම සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

Comments