කටුනායක ගුවන් තොටුපොළේ දී ඉන්දීය ජාතිකයෙක් මරුට | Page 5 | සිළුමිණ

කටුනායක ගුවන් තොටුපොළේ දී ඉන්දීය ජාතිකයෙක් මරුට

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද දින (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු, 52ක් වූ ඉන්දීය ජාතිකයෙකි.ඔහු ඉන්දියාව බලා යළි ගමන් ගැනීමට පැමිණ සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.

ඔහු රාමනාථපුරම් හි පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු අද අලුයම 2.00 ට පමණ ඉන්දියාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ.

එහිදී ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්ත්වයක් හේතුවෙන් එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව දිගේ පහළට වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලිසිය පියවර ගෙන තිබේ.

සිද්ධිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරීමෙන් අනතුරුව මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලිසිය කටයුතු යොදා ඇත.

Comments