වතු කම්කරු දිනක වැටුප 700 ට නඟී | සිළුමිණ

වතු කම්කරු දිනක වැටුප 700 ට නඟී

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දෙසීයකින් වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟ වූ බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ඒ අනුව මින් ඉදිරියට වතුකම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් 700 ක් පමණ වන බවත් රුපියල් 50 ක ස්ථාවර දීමනාවක් සේවක අර්ථසාධක අරමුදල් ද ඇතුළුව එක් සේවකයකුට දෛනික වැටුප රුපියල් අටසිය පනස් පහක් පමණ වන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

වතු හාම්පුතුන්, කම්කරු අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරින් සහ අදාළ ඇමැතිවරු සමඟ ඉකුත් සිකුරාදා (25) පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී වෘත්තිය සමිතිවල ඉල්ලීමකට අනුව සියලු වතු සේවකයින්ගේ ප්‍රමාද හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන එකසිය පනහක මුදලක් රජය විසින් ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසීය.

Comments