
නියමිත කාලය අවසන්වීමට පෙර හා කඩින් කඩ මැතිවරණ පැවැත්වීම රටට අයහපතකි. මැතිවරණයකට කෝටි ගණනක මුදලක් වැයවන නිසා රටේ ආර්ථිකයටද ඉවසිය නොහැකි බරකි. නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රට මෙහෙයවන නායකයන්ගේ යුතුකම වන්නේය. පවතින රජය පෙරළීම නොව මැතිවරණයකට මුහුණදී වැඩි ආසන ගණනක් ලබාගෙන රජයක් පිහිටුවා ගැනීම විරුද්ධ පක්ෂවල අයගේ වගකීමකි.
එසේ නැතිව වෛරය ක්‍රෝධය ඊර්ෂියාව හා ඉවසීමක් නොමැතිව කුලල්කා ගැනීමෙන් රට පිරිහීමට පත් වේ. පාර්ලිමේන්තු සැසිවාරවලදී පවතින රජයේ වැරදි පෙන්වා දී රජය යහ මඟට ගැනීම විරුද්ධ පක්ෂවල අයගේ වගකීමකි. නියමිත කාලය අවසන් වූ පසුව මැතිවරණ පැවැත්විය යුතු බවයි රටේ මහ ජනතාව වන අපගේ අදහස.
වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යයාව හා ඉවසීමක් නැති උගත්කමක් නැති පොදු දේපළ විනාශ කරන අය පාර්ලිමේන්තුවට තෝරා යැවීම සුදුසු නොවන බැවින් උගත් බුද්ධිමත් අය තෝරා ගැනීම රටේ මහජනතාවගේ වගකීමක් බව විශේෂයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඩබ්.ඒ. විජේසිංහ
මා/ කයිකාවල