
ඉන්දිරා පිළිකාභාරයේ මූලිකත්වයෙන් පසුගිය පොහෝදා, බළංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේදි, පිළිකා රෝගින් උදෙසා, කාන්තාවෝ 450ක් සිය සොඳුරු වරලස දන්දීමේ මහා පුණ්‍ය කර්මයට දායක වූහ.
ප්‍රවීණ රූපලාවණ්‍යවේදිනි රමණී ප්‍රනාන්දු සමඟ ඇගේ, ‘සැලොන් රමණී’ ආයතනය කොණ්ඩා කැපීමේ කාර්යයට නොමිලයේ දායක වූ අතර, කොණ්ඩය ගිලිහී ගිය පිළිකා රෝගී කාන්තාවන් වෙත ‘විග්’ සාදා දීමට එම කපාගත් කොණ්ඩා යොදා ගනු ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ, පිළිකා රෝගයෙන් මිය ගිය කනිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය සිහි වීම පිණිස අරඹන ලද ‘ඉන්දිරා පිළිකා භාරයේ’ මූලස්ථානය මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට අංක 63 ස්ථානයේ පිහිටා තිබේ. ඔවුන්ගේ 0112363211 අංකය දවසේ පැය 24 පුරාම විවෘතව ඇති අතර ඒ ඕනෑම වෙලාවක ඉන්දිරා පිළිකා භාරය අමතා අවශ්‍ය සේවාව ලබා ගත හැකිය.