එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන හෙට සිට | Page 5 | සිළුමිණ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන හෙට සිට

යැපුම් කෘෂිකර්මාන්තයෙන් වාණිජ කෘෂිකර්මාන්තය දක්වා ගොවි ජනතාව ඔසවා තැබීමට උරදෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවිසහන ණය යෝජනා ක්‍රම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දඹුල්ලේදී ආරම්භ කෙරේ.

රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම අතර කැපී පෙනෙන “රන් අස්වැන්න”, “ගොවි නවෝදා”, “ජය ඉසුරු” හා තවත් ණය යෝජනා ක්‍රම පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ සමාරම්භක උත්සවය දඹුල්ල, රජමහා විහාර භූමියේ මැද පන්සල අසල පිහිටි පිරවෙන්වැව පරිශ්‍රයේදී පැවැත්වේ.රජය විසින් 2018 ඇරඹී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේනව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමට ඉලක්ක කොට ඇත.

Comments