
ආනයනික කිරිපිටි සඳහා ඉදිරි සති දෙක තුළ මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවකට පැමිණි බවයි.
ආනයනික කිරිපිටි මිල වැඩිකරන ලෙස සමාගම් කිහිපයක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව කිරිපිටි සමාගම්වල නියෝජිතයින් මුදල් අමාත්‍යංශ නියෝජිතයින්, වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ නියෝජිතයින් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ඉන්ධන මිලට මෙන් ආනයනික කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් හදුන්වාදීමට එකඟතාව පලවී ඇති අතර එය ඉදිරි සති දෙක තුළ සකස් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර වෙළඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය හදුන්වාදීමට නියමිතය.