පළාත් කිහිපයකට තද වැසි | සිළුමිණ

පළාත් කිහිපයකට තද වැසි

නැඟෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවක් උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
සවස 2.00න් පසුව සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලවලට උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
 
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
 

Comments