
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘සිළුමිණ’ ට පැවසීය.
මේ සම්බන්ධයෙන් පක්ෂ රැසක් කැමැත්ත පළ කර ඇති බවත් සෙසු පක්ෂ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ භාරදූර කාර්ය තමා වගකීමෙන් යුතුව ඉටු කිරීම සඳහා කැපවී සිටින බව ද හෙතෙම සඳහන් ෙකළේ ය.
ජනාධිපතිවරණය පිළිබඳව මෙතෙක් අවසන් සාකච්ඡා පවත්වා නොමැති බවත් ඕනෑම මැතිවරණයක් සඳහා තම පක්ෂය සූදානම් බව ද ජයසේකර මහතා කීය.