
හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නීති විෂයය එක් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති අතර, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු අතර, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයෙහි සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මේ සඳහා වූ සම්පත් දායකත්වය අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙයි.