
දිලිප් - සයිරා යුවළට නිවාස ප්‍රශ්නයක්
දෙසැම්බර් 11 දා ප්‍රවීණ රංගධරයකුවන දිලිප් කුමාර් 96 වැනි වියට පා තැබුවා. ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින ඔහුට සහ 74 වැනි වියෙහි පසුවන සිය බිරිය, ප්‍රවීණ නිළි සයිරා බානුට අද මුහුණ දීමට සිදු වී ඇත්තේ කටුක අත්දැකීමකටයි. ඔවුන් දෙදෙනා පදිංචිව සිටින සුවිසල් නිවසෙහි අයිතිය ලබා ගැනීමට එක්තරා පුද්ගලයකු වංචනික ලෙස කටයුතු කරනවා.
සමීර් භොජ්වානි නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා ගොඩනැඟිලි ඉදිකරන්නකු යැයි සඳහන් වෙනවා. ඔහු ව්‍යාජ ලියවිලි සකස් කොට දිලිප් කුමාර් සහ සයිරා බානු වෙසෙන නිවස අයිතිකර ගන්නට කලක සිට වෑයම් කරනවා. මේ නිසා සයිරා බානු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පසුගිය ජනවාරි මාසයේදී මුම්බායි පොලිසියේ ආර්ථික අපරාධ අංශය (EOW) සමීර් නමැත්තාට එරෙහිව නඩුවක් පැවරුවා. පොලිසිය අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා පසුගිය ඇප මත නිදහස් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්රශ්නය පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හමු වී ඔහු සමඟ සාකච්ඡා කිරීමට සයිරා බානු පසුගිය සතියේ උත්සාහ කර තිබුණා. ඒ සඳහා අගමැතිවරයා හමුවීමට ඇය ට්විටර් ගිණුම ඔස්සේ ඉල්ලීමක් කළ බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් එම ඉල්ලීමට අගමැතිවරයාගෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ. සයිරා බානු ප්‍රකාශ කළේ අගමැතිවරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට පිටත්ව ගොස් සිටි නිසා ඔහු හමුවීමට ඉක්මණින්ම අවස්ථාව නොලද බවයි.
නික් ජොනාස්ගේ සොහොයුරාට මංගලම්
සති කිහිපයකට කලින් මුළු ලොවේම අවධානය දිනාගත් නව යුවළක් වුණේ ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්. ඒ, ඔවුන් දෙදෙනා අතිනත ගැනීමත් සමගයි. නුදුරු දිනයකදී නික් ගේ සොහොයුරා වන ජෝ ජොනාස් ද දයාබර සැමියෙකු වීමට නියමිතයි. ඔහුගේ මනාලිය වන්නේ ජනප්‍රිය නිළියක වන සොෆී ටර්නර්. නික් නම් තමන්ට වඩා වසර 10 ක් වැඩිමල් ප්‍රියංකාව විවාහකර ගත්තද ජෝ සහ සොෆී අතර ඇත්තේ එවැනි පරතරයක් නොවෙයි. ජෝගේ වයස 29 යි. සොෆී 22 හැවිරිදි යුවතියක්.
ජෝ සහ සොෆී විවාහ වීමට අදහස් කළේ පසුගිය වසරේදී ලූ. නමුත් ඒ වෙනුවෙන් දින යොදා ගැනීම කෙසේ හෝ අතපසු වී තිබෙනවා. දෙදෙනාම කාර්ය බහුලව සිටීම එයට හේතුවයි. ජෝශප් ඇඩම් ජොනාස් හෙවත් ජෝ ජොනාස් ගායකයෙක් සහ නළුවෙක්. ඔහු සහ සොයුරන් වන කෙවින් සහ නික් සමඟ ‘ජොනාස් බ්‍රදර්ස්’ නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා. ජෝගේ පෙම්වතිය, සොෆී ටර්නර් නිළියක හැටියට වඩාත් ජනප්‍රිය වුයේ එච්.බී.ඕ. චැනලයෙන් විකාශය වූ ‘ගේම් ඔෆ් ත්රෝන්’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑමෙන් ඇය තවත් චිත්‍රපට රැසක රඟපා තිබෙනවා.
ජෝ සහ සොෆී ගේ විවාහය සිදුවන දිනය රහසක් ලෙස තබා ගන්නයි දෙදෙනාම වෑයම් කරන්නේ. සමහර විට එය 2019 වසරේ ජුනි මාසයෙන් පසුව සිදුවිය හැකි බවයි තතුදත් උදවිය පවසන්නේ.
සරීන් ඛාන්ට කරදර ගොඩයි
සරීන් ඛාන් බොලිවුඩ් සිනමාවේ යොවුන් නිළියක්. ඇය පසුගිය දා ඉන්දියාවේ අවුරන්ගබාඩ් නුවර වෙළෙඳ ප්රදර්ශනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. එහි වැඩ කටයුතු නිමකර යළි නිවස බලා පිටත්ව යද්දි ඇගේ රථය හදිසි අනතුරකට ලක්වුවා. ඒ, යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ 31 වියැති නෙටීෂ් ගොරාල් නැමැත්තා හෙල්මටයක් පැළඳ නොගෙන සිටි නිසා සරීන්ගේ මෝටර් රථයේ ගැටීමෙන් තද බල තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් පසුව ඔහුට රෝහල් ගත කළත් පසුව මිය ගොස් ඇති බවයි, පැවසෙන්නේ.
අනතුර සිදුවන මොහොතේදී සරීන් ඛාන්ගේ මෝටර් රථය පදවා ඇත්තේ ඇගේ රියැදුරා විසින්. යතුරු පැදිය මෝටර් රථයේ ගැටීමෙන් පසුව එම ස්ථානයට විශාල පිරිසක් එක් රොක් වෙලා. එතැනින් ඉවත්ව යෑමට සරීන් ඛාන් උත්සාහ දැරීම නිසා එම පිරිස කළහකාරීව හැසුරුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. අනතුරු සිදුවුයේ සරීන් ගේ රියැදුරාගේ වරද නිසා බවත්, එම නිසා ඔහුට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරන බවත් ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළා.
මීට පෙරද සරීන් ඛාන් කරදරයකට මුහුණ දුන්නා. ඒ, ‘අක්සාර් -2’ චිත්‍රපටය රූගත කරද්දීයි. ඒ මොහොතේ රූගත කිරීම නැරඹීමට පැමිණි නොහික්මුණු කිහිප දෙනෙකු සරීන්ට අතවර කරන්නට තැත් කළ බවයි පැවසුණේ.
සරීන්, මෑතකදී තම කළමනාකාරිනියට එරෙහිව උසාවියේ නඩුවක් ගොණු කළා. ඒ, මුදල් ගනුදෙනුවක් සම්බන්ධවයි. සරීන් මුලින්ම බොලිවුඩ් සිනමාවට එක්වුයේ 2010 දී තිරගත වූ ‘වීර්’ චිත්‍රපටයෙන්.