
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අස්සනින් යුතුව 2018-12-31 දින PS/PCMD/19/ 2018 අංක දරන එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තේ ය. ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි.
දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය. එමෙන්ම මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලු අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කර ඇත.