
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට පක්ෂය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි ප්‍රතිසංවිධාන වැඩසටහන් රැසක් ඉදිරි සති කිහිපය තුළදී ක්‍රියාත්මක කරන බව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
නිදහස් පක්ෂයේ ශ්‍රේෂ්ඨයන්, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන, නීතිඥ සංගමය උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු ක්‍රියාකාරින් රැසක් මේ සඳහා එක්කර ගැනීමට පක්ෂය කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කරමින් ඒවායේ ක්‍රියාකාරීත්වය ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් ලබා දී තිබේ.