බැංකු නියාමනයට නව පනතක් | සිළුමිණ

බැංකු නියාමනයට නව පනතක්

බලපත්‍රලාභී සියලු බැංකු නියාමනය සඳහා නව බැංකු පනතක් කෙටුම්පත් කරනු ලබන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මේ සඳහා වන පනත කෙටුම්පත් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා බැංකු නියාමනය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව කීය.

මේ යටතේ බලපත්‍රලාභී සියලු බැංකු අධීක්ෂණය හා නියාමනය කරනු ලබන අතර ඒ යටතේ ආයතන අත්කර ගැනීම හා ඒකාබද්ධ කිරීම විශේෂ බැංකු අනුබන්ධ කිරීම සහ විවිධ ස්ථරවලින් යුත් බැංකු සඳහා විවිධ නියාමන රාමු හඳුන්වා දීම සිදු ‍කෙරෙනු ඇත.

එමෙන්ම ආයතනනික යහපාලනය. සමස්ත බලතල, දඩමුදල්/ දඬුවම් සීමා පැනවීම එකතු වීම්. යන ප්‍රධාන ප්‍රතිපත්ති ද මේ පනතට ඇතුළත් කරනු ලබන බව ආචාර්ය කුමාරස්වාමි මහතා කීය.

සයිබර් ප්‍රහාර හා අනෙකුත් තොරතුරු ආරක්ෂණ තර්ජන සඳහා බැංකු නිරන්තරයෙන් ඉලක්ක වීම හේතුවෙන් ප්‍රමිතීන්ට අනුගතව බැංකු අංශයේ තාක්ෂණික අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාවන් දියුණු කිරීමද මෙහිදී සිදු කෙරේ.

 

Comments