වෙඩිතැබීමෙන් ඝාතන 54ක් | සිළුමිණ

වෙඩිතැබීමෙන් ඝාතන 54ක්

2018 වසරේ දිවයිනේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 54 දෙනකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරුවලින් වාර්තා වේ.

මේ වෙඩිතැබීම්වලින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ නගරය සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවලදී සිදුවූ අතර පාතාල කණ්ඩායම්වල සාමාජිකයින් විසින් එම වෙඩි තැබීම් සිදු කර ඇති බව වාර්තාවේ. එක් ස්ථානයකදී වැඩිම පිරිසක් ඝාතනයට ලක්වී ඇත්තේ තංගල්ල ධීවර වරායේදී ඉකුත් 25 වැනිදා ය.‍ මීට අමතරව අවස්ථා දහයකදී පුද්ගලයන් දෙදෙනා බැවින් ඝාතනයට ලක් වී ඇත.

 

Comments