
පසුගිය මස පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදමින් තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ සිදු වූ මේ සිදුවීමෙන් ලක්ෂ ගණනක රජයේ දේපළවලට අලාභ හානි සිදුව ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයන් පවා කඩකරමින් සිදු කළ මේ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් සී සී ටී වී කැමරා ඔස්සේ හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව මේ වන පරීක්ෂණ අවසන් අදියරේ පවතින අතර තව දින කිහිපයකින් එහි වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දීමට නියමිතය.
එදින පාර්ලිමේන්තුවේ සිටි මාධ්‍යවේදීන්ගෙන් හා පාර්ලිමේන්තු සේවකයන්ගෙන් කට උත්තර ලබා ගැනීමද මේ අනුව සිදු කෙරේ. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ රටේ නීතිය අනුව රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු කරන ලබන ඕනෑම අයකු අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනුලබන බවයි.
මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ද තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ නොවන අයුරින් නීතිපතිවරයාගේ උපදෙස් හා කථානායකවරයාගේ අනුමැතිය පරිදි මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදන බවයි.