
පසුගිය සති දෙක ඇතුළත කොළඹ නගරය පුරා පොළොව මට්ටමේ සිට උසින් මීටර් 500 දක්වා වූ ප්‍රදේශයේ දුම්වලාවක් පවතින බව තමන් නිරීක්ෂණය කළ බවත් මේ අනුව දැන් කොළඹ නගරයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම වායු අංශු ප්‍රමිතියටත් වඩා වැඩි බවත් සංඛ්‍යාත්මක පෙන්නුම් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ එම්. ඩී. එස් ප්‍රේමසිරි මහතා පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තම නවීන උපකරණවලින් පසුගිය කාලයේ කළ මෙරට වායු දූෂණ ගවේෂණ අනුව අපේ රටේ කොළඹ, මහනුවර, හොරණ, ගම්පහ, කුරුණෑගල හා කෑගල්ල නගර වල වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට වඩා ඉහළ ගිය අවස්ථා ඇතැයි ද ඒ මහතා පවසයි.
විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව දුම්රිය පළ අසල, පෑලියගොඩ, තොටළඟ, බොරැල්ල හා මරදාන දුම්රිය ස්ථානය අසල නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට වඩා වැඩි බවත් මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම හා අලුත් බස් නැවතුම අසල ප්‍රදේශයේ වායු දූෂණය ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති ඉක්මවන බවත් ප්‍රේමසිරි මහතා පෙන්නුම් කරයි.