අපේක්ෂා රෝහලේ නත්තල් සමරු උලෙළ | සිළුමිණ

අපේක්ෂා රෝහලේ නත්තල් සමරු උලෙළ

ඉන්දිරා පිළිකා භාරය සංවිධානය කළ නත්තල් සමරු උලෙළ මහරගම අපේක්ෂා රෝහල් සංකීර්ණයේ දී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස් වෙනුවෙන් තෑගිබෝග බෙදාදීම හා සංගීතමය ලිහිලන ප්‍රතිකාර වැඩසටහනක් ද එහි දී පැවැත්විණි.

එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද එක් විය.

ඉන්දිරා පිළිකා භාරය, කථානායකවරයාගේ කනිටු දියණිය වන පිළිකා රෝගයකින් මියගිය ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් ආරම්භ කරන ලද පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාත්මක වන ආයතනයකි.

Comments