
පූජනීය ස්ථාවවලට හානි කරන අන්තවාදී පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක පැවසීය.
මාවනැල්ලේදී පූජනීය ස්ථානයකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් අගමැතිවරයා මෙහිදී පවසා සිටියේය.
මෙම අන්තවාදී කණ්ඩායම් හින්දු පූජනීය ස්ථානයකටද හානිකර තිබෙන බව දැන ගන්නට ඇතැයි ද කී අගමැතිවරයා මෙම සිදුවීම්වලින් පූජනීය ස්ථානවලට සිදු වූ හානි රජය මැදිහත්ව ප්‍රතිපූර්ණය කරන බවද අවධාරණය කළේය.