රංජිත් සොයිසාට ඇප | සිළුමිණ

රංජිත් සොයිසාට ඇප

පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේ දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනාට ඇප ලබා දී තිබේ.
 
පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද උදෑසන මෙම තීන්දුව ලබා දී තිබේ.ඒ අනුව ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මොවුන් සිව් දෙනාට මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර ඇත.
 
පසුගිය 20 වැනඅ දින ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.

Comments