උතුරට ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

උතුරට ගිගුරුම් සහිත වැසි

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ.
 
ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ වයඔ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් මී.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
 
අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments