ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මුහුදු පතුලේ පළමු අවන්හල මාලදිවයිනට | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මුහුදු පතුලේ පළමු අවන්හල මාලදිවයිනට

මුහුදු පතුලේ ස්ථාප­නය කෙරෙන ආපන ශාලාව (Underwater Restaurant) ශ්‍රී ලංකාවේ කොළඹ ඩොක්යාර්ඩ් ආය­තන පරි­ශ්‍ර­යේදී පසු­ගි­යදා ඉදි කරනු ලැබීය. එහි ඉදි­කි­රීම් කට­යුතු ක්ෂේත්‍රයේ කට­යුතු කරන ප්‍රකට ශ්‍රී ලාංකික සමා­ග­මක් වන AKDA ඉංජි­නි­යර්ස් පෞද්ග­ලික සමා­ගම විසින් සිදු කරන ලදී. ඒ අනුව සිය නව­තම ව්‍යාපෘ­තිය ලෙස මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය ප්‍රව­ර්ධ­නය සදහා වූ මුහුදු පතුලේ ස්ථාප­නය කෙරෙන Uthuru Maafaru Underwater Restaurant සාර්ථක ලෙස ඉදි­කර අව­සන් කර තිබේ.

මෙහි ඇති විශේ­ෂ­ත්වය නම් AKDA ඉංජි­නි­යර්ස් පෞද්ග­ලික සමා­ගම මෙම ඉදි­කි­රීම් කට­යුත්ත සම්පූ­ර්ණ­යෙන් නිමවා තිබෙන්නේ ශ්‍රී ලාංකික ඉංජි­නේ­රු­වන් හා නිර්මාණ ශිල්පීන්ගේ දාය­ක­ත්ව­යෙන් යුතු­වයි. කොළඹ ඩොක්යාර්ඩ් ආය­තන පරි­ශ්‍ර­යේදී සියලු ඉදි­කි­රීම් කට­යුතු සිදු කර තිබේ. තවත් ප්‍රකට ශ්‍රී ලාංකික සමා­ග­මක් වන අක්බාර් බ්‍රදර්ස් පෞද්ග­ලික සමා­ගම සදහා මෙම ඉදි­කි­රීම් කට­යුත්ත AKDA ඉංජි­නි­යර්ස් පෞද්ග­ලික සමා­ගම විසින් සිදු කර ඇති අතර මේ සම්බ­න්ධව මාධ්‍ය දැනු­වත් කිරීම සදහා කොළඹ ඩොක්යාර්ඩ් ආය­තන පරි­ශ්‍ර­යේදී පැවැති මාධ්‍ය හමු­වේදී අනා­ව­ර­ණය වූයේ මෙහි ඉදි කිරීම් කට­යුතු සදහා මාස 04ක පමණ කාල­යක් පම­ණක් ගත වී ඇති බවයි. තවද AKDA ඉංජි­නි­යර්ස් පෞද්ග­ලික සමා­ගම විසින් තවත් මෙවැනි ඉදි­කි­රීම් රැසක්ම මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය සමග කට­යුතු කරන ආය­ත­න­යන්හී ඉල්ලීම මත ඉතා සාර්ථක ලෙස සිදු කර ඇති බවද මෙහිදී අනා­ව­ර­ණය විය.

අක්බාර් බ්‍රදර්ස් පෞද්ග­ලික සමා­ගම සදහා AKDA ඉංජි­නි­යර්ස් පුද්ග­ලික සමා­ගම මගින් ඉදි කරන ලද Uthuru Maafaru Underwater Restaurant මාල දිව­යින සදහා නිල වශ­යෙන් බාර දීමෙන් පසු එය පසු­ගි­යදා මාල­දි­ව­යින සදහා රැගෙන ගියේය. එරට මුහුදු පතුලේ ස්ථාප­නය කෙරෙන මෙම Underwater Restaurant සංචා­ර­ක­යින් සදහා විවෘත කිරී­ම­ටද නිය­මි­තව තිබේ. මෙම අව­ස්ථා­වේදී අද­හස් දැක් වූ AKDA ඉංජි­නි­යර්ස් පෞද්ග­ලික සමා­ගමේ සභා­පති හා කළ­ම­නා­ක­රන අධ්‍යක්ෂ ඉංජි­නේරු ඒ.කේ.දිය­බ­ල­නගේ මහතා සද­හන් කර සිටියේ මාල­දි­ව­යින සදහා තම ආය­ත­නය මගින් ඉදි කිරීම් රැසක්ම සිදු කර ඇති බවයි.එරට පිහිටි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ, අභ්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ­වල් හා වරාය ආශ්‍රි­තව සිදු කළ ව්‍යාපෘති රැස­ක­ටම තම ආය­ත­නය දාය­ක­ත්වය ලබා දුන් බවද සද­හන් කළ ඒ මහතා 1983 වස­රේදී ආරම්භ වූ තම සමා­ගම ඉදි­රි­යේදී තවත් ඉදි­කි­රීම් ව්‍යාපෘති රැසක් සදහා සිය දාය­ක­ත්වය ලබා දෙන බවද සද­හන් කළේය.

ඡායාරූපය-සරත් පීරිස්

Comments