
ලෝකයේ අ.පො.ස. (සා:පෙළ:) විභාගයට වැඩිපුරම විෂය ප්‍රමාණයක් ඇති රට ෆින්ලන්තයයි. ලෝකයේ වැඩ අඩු ම, ගෙදර වැඩ නැති ම ආතතිය කොහෙත් ම නැති රට ලෙස ද සම්මතවී ඇත්තේ ෆින්ලන්තයයි. මෙසේ බලන විට ආතතිය අඩු කිරීම සඳහා කළ යුත්තේ විෂය සංඛ්‍යාව ඉහළ දැමීමයැයි කෙනෙකු කියනු ඇත. දැනුම පුපුරා යන මෙවන් සමාජයකට අවශ්‍ය වන්නේ විෂය සංඛ්‍යාව අඩු කිරීම නොව වැඩි කිරීමයි.
විෂයය සංඛ්‍යාව අඩු කිරීම ආතතිය අඩු වීමට හේතුවකි යන්න මුලාවකි. විෂය සංඛ්‍යාව අඩු වුවද පාඨමාලාවට නියමිත අවුරුදු දෙකේ කාල සීමාව අඩු වන්නේ නැත. සිදුවන්නේ එක් එක් විෂය සඳහා ගත කළයුතු කාලච්ඡේද සංඛ්‍යාව වැඩි වීමයි. එවිට විෂය ධාරණය දීර්ඝත්වය, ගැඹුර හා ප්රශ්නවල දුෂ්කරතාව වැඩි වේ. ප්‍රතිඵලය වන්නේ ආතතිය වැඩි වීමයි. ආතතිය අඩු කළ හැක්කේ මේ තත්වයට එරෙහිව කටයුතු කිරීමෙන් ය.
ශිෂ්‍ය ආතතිය අඩු කර ගැනීම සඳහා පමණක් නොව විභාග ප්‍රතිඵල ඉහළ දැමීම සඳහා මවිසින් කෙරෙන යෝජනා තුනකි.
(1) 5 වන ශ්‍රේණියේ දී නොව 6 වන ශ්‍රේණියේ දී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම. (2) අ.පො.ස. (සා.පෙ.) විභාගය 11 වන ශ්‍රේණියේදී නොව 10 වන ශ්‍රේණියේ දී පැවැත්වීම. (3) අ.පො.ස. (උ.පෙ.) සඳහා විෂයන් තුනක් වෙනුවට විෂයයන් දෙක බැගින් 12 වන ශ්‍රේණියේ දී සහ 13 වන ශ්‍රේණියේදී විෂයයන් හතරක් සඳහා විභාගය පැවැත්වීම.
එවිට ශිෂ්‍යයන්ගේ පමණක් නොව දෙමවුපියන්ගේ ද ගුරුවරුන්ගේ ද ආතතිය ද අඩු වනු ඇත.
ඒ.එම්.එස්. ජයවීර
හිටපු අධ්‍යක්ෂ, ජාතික අධ්‍යාපන ආයතනය