
බස් රථ ගාස්තුව හෙට (24) සිට ස්ථිර වශයෙන් ම සියයට හතරකින් පමණ පහත හෙළන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මුදල් ඇමති මංගල සමරවීර මහතා සමඟ මේ සම්බන්ධව පැවැති සාකච්ඡා ඉතා සාර්ථක වූ බවද ඔහු කියයි.
ඉකුත් මාස දෙක තුළදී ඩීසල් මිල අවස්ථා කිහිපයකදීම පහළ ගිය බවත් ඊට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු පහළ දැමීමට හැකි වන බවත් විජේරත්න මහතා අවධාරණය කරයි.