පොලිස් ක්‍ෂේත්‍ර බළකායේ ලොක්කා රිමාන්ඩ් | සිළුමිණ

පොලිස් ක්‍ෂේත්‍ර බළකායේ ලොක්කා රිමාන්ඩ්

රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීමට තැත් කිරීමේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරීමට නියෝග කොට තිබේ.
 
ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොහු සිය කාර්යාලය තුළ දී, වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණි.

Comments