ජනතාවට සහන මල්ලක් - මුදල් ඇමති කියයි | සිළුමිණ

ජනතාවට සහන මල්ලක් - මුදල් ඇමති කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.
 
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල මේ දිනවල අඩුවෙමින් පවතින බැවින් මිල සූත්‍රය අනුව හෙට සිට තෙල් මිල යළි සමාලෝචනය කරන බව මුදල් අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.
 
මිල සූත්‍රය දිගටම ක්‍රියත්මක වන බවත් අතුරු සම්මත ගිණුම හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහජනතාවට සාධාරණත්වයෙන් යුතු සහන රැසක් ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසී ය.
 
මින් ඉදිරියට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන අන්දමට තෙල් මිල සංශෝධනය වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Comments