
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රභූ ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය සම්බන්ධව, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන නාමල් කුමාර යන අයගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වනදා නැවත ලංකාවට පැමිණ තිබේ.
එහිදී අදාළ විශේෂඥවරුන් විසින් එම ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඬ පට ගණනාවක් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එම හඬ පට ඇතුළත් කරන ලද දත්ත බහාලු (පෙන් ඩ්‍රයිව්) සහ එම විශේෂඥවරුන්ගේ වාර්තාව අද (19) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් භාරයේ ඇති අදාළ හඬ පට හා අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.