මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුපක්ෂයේ අසුන් ගනී | සිළුමිණ

මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුපක්ෂයේ අසුන් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විජිත් විජයමුණි සොයිසා මහතා, ඉන්දික බණ්ඩාරනයක මහතා,ලක්ෂ්මන්  සෙනෙවිරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂයේ අසුන් ගත්තේ ය.
 
ආණ්ඩුපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මෙසේ පැවසීය
 
රජයට සහාය දීම සඳහා ආණ්ඩුව සමඟ එකතු වෙනවා. අපි සංවිධයකවරු කතා කළා. අද වැටට තියල අමුඩ ගහලා.  අපිට ඉස්සරහට යන්නත් බෑ.ජනපති මෛත්‍රිපාල මහතාට මම ගරු කරනවා.එතුමා මට අත දිගහැර වැඩ කරන්න  අවස්ථාව ලබා දුන්නා.මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමාගේ නායකත්වය යටතේ වැව් ඉදි කළා.දේශපාලන  ස්ථාවරයක් ඇති කරන්න ආවේ.මහජනතාව දිනවන්න ජයග්‍රාහී පෙරමුණකට එකතු වෙලා තිබෙනවා.

Comments