ගුටි කෙළිය ගැන හොයන කමිටුව CCTV පරීක්ෂාවක | සිළුමිණ

ගුටි කෙළිය ගැන හොයන කමිටුව CCTV පරීක්ෂාවක

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුව ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීම මේ දිනවල සිදුකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
 
එම කමිටුවේ සාමාජිකයින් දෙදෙනා බැඟින් සී.සී.ටී.වී. කැමරා දර්ශන වෙන වෙනම අධ්‍යයනය කරන බව ඔහු සඳහන් කළේය.
 
ඒ අනුව බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් හෙට (18) අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට නියමිතයි.
 
එමෙන්ම අදාළ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ කැමරා දර්ශන පෞද්ගලික මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
 
මාධ්‍ය ආයතන මඟින් ලබා ගන්නා එම දර්ශන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
 
පසුගිය 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේය.
 
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සභාපතීත්වය දරන එම කමිටුවේ චමල් රාජපක්ෂ, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා, චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් සෙසු සාමාජිකයින් බව වාර්තා වෙයි.

Comments