
අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබාදී ඇත.
ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (14) විභාගයට ගැනිණ.
ඒ අනුව ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සමේ වැඩිදුර විභාගය සිදුකරලීමට නියමිතය.
මේ අතර මීට සුළු මොහොතකට පෙර ට්විටර් පණිවිඩයක් හරහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ සිය අගමැතිධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.