
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ 70% ක අඩු වීමක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන්ගේ අඩුවීමට බල පෑ එකම හේතුව ජනතාව විසින් පරිසරය පිරිසුදුව තබාගැනීම බව පෙන්වා දෙන ඇය පවසන්නේ, ජනතාවගේ මේ අවධානය මාසයක කාලයක් අඩු වුවහොත් දැනට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක සංඛ්‍යාවක් වාර්තා වීමට ඉඩ ඇති බවයි.