රජයේ උත්සව සහ රැස්වීම් හෝටල්වල බෑ - ජනපතිගෙන් චක්‍රලේඛයක් | සිළුමිණ

රජයේ උත්සව සහ රැස්වීම් හෝටල්වල බෑ - ජනපතිගෙන් චක්‍රලේඛයක්

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු,සංස්ථා සහ ව්‍යවස්ථා මණ්ඩල ප්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව,රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්,විශේෂයෙන් සුඛෝපබෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක්‍රෙල්කයක් මඟින් සියලුම රාජ්‍ය නිලධාරීන්ට දන්වා ඇත.

මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබුණද ඒවා භාවිත නොකර ඉතා ඉහළ මිල ගනන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛොපභෝගී හෝටල්වල පැවැත්වීම මඟින් සුදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. 

Comments