
පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අනුව ආණ්ඩුවේ ස්වභාවය ද ඉදිරි සතියේදී තීරණය වනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි වෙතින් සිළුමිණට වාර්තා වෙයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවහොත් නියත වශයෙන් ම තාවකාලික භාරකාර රජයක් ලෙස පවත්නා මහින්ද රාජපක්ෂ රජය ඉදිරි මහ මැතිවරණය තෙක් කටයුතු කරන අැත. යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වනු ඇත්‌ෙත් ගැසට් නිවේදනය වලංගු නොවන බව නම්, ඉදිරි වසර එකහාමාරක කාලයක් ඉලක්ක කර ගන්නා බහු පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා පාර්ශ්ව ගණනාවක් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව කුමක් වුව ද ඊට උපරිම ගරු කරමින් මේ වන විට රටේ පවත්නා දේශපාලන අර්බුදය අවසන් කිරීමේ අැති අවශ්‍යතාව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දු ගණනාවක් ගැනීමට සූදානමින් සිටින බව ද සිළුමිණට වාර්තා වෙයි.
පවත්නා දේශපාලන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතර මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් ගණනාවක් සමඟ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපයේදී මීට අදාළ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර, එයට අමතරව මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් සමඟ ද සාකච්ඡා සිදුව ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරි සතියේදී භාරකාර හෝ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද බලවත් උත්සාහයක නිරතව සිටින අතර, ඒ දෙපාර්ශ්වය ම එහිදී තම තමන් වෙත පවත්නා ශක්තිය පිළිබඳ ව ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබෙන බව ද දැනගන්නට තිබේ. මේ සියලු තත්ත්වයන් පිළිබඳ ව පුළුල් හා ගැඹුරු අවධානයකින් යුතුව පසුවන ජනාධිපතිවරයා, ලබන සතිය තුළ පවත්නා දේශපාලන අර්බුදය නිමා කරමින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති අවශ්‍යතාව දෙපාර්ශ්වයට ම දැඩි ලෙස පෙන්වා දී තිබේ. මේ පසුබිම අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ වීමෙන් අනතුරුව පවත්නා අර්බුදයට විසඳුමක් ලබා දෙමින් පිහිටුවන ලබන ආණ්ඩුව, බාරකාර ආණ්ඩුවක් ද නො එසේනම් බහුපාක්ෂික ආණ්ඩුවක් ද යන්න තීරණය වනු ඇත.