
පාසල් නිවාඩු කාලය නිමිත්තෙන් අද(07) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කළේය.
කොළඹ-කොටුව සහ බදුල්ල අතර එම දුම්රිය සේවාව ලබන මස 5 වනදා තෙක් ක්‍රියාත්මකය.
ඒ අනුව උදෑසන 7.30ට විශේෂ දුම්රියක් කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා අද(07) සිට දවසක් හැර දවසක් ධාවනය කෙරේ. එසේම හෙට(08) සිට දවසක් හැර දවසක් බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට යොදවා ඇත.