
ඉන්දීය ආධාර මත මෙරට ජනතාවගේ ප්‍රයෝජනය පිණිස ලබා දුන් සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට දිවයිනේ පළාත් 7ක් ආවරණය කිරීමට යොදවා තිබේ. සබරගමුව හා නැඟෙනහිර හැර සෙසු සියලු පළාත්වල මේ ගිලන් රථ සේවාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනු ඇත.
ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම හදිසි ගිලන් රථ සේවය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන7.56ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ පළමුව බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කෙරිණි. ගිලන් රථ 88ක්,වසරක් සඳහා මෙහෙයුම් වියදම් සහ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මෙම ප්‍රදානයන්ට ඇතුළත් වේ.
පළාත් හත සඳහා ගිලන් රථ 209ක්, වසරක් සඳහා පුහුණු කිරීමේ වියදම් සහ මෙහෙයුම් වියදම් ඇතුළත් ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අමතර ප්‍රදානයක් යටතේ මෙම සේවාව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කෙරමින් පවතී. ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව “1990” අංකය ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය. මෙය ඉන්දියානු නිවාස ව්‍යාපෘතියට පසුව ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම ව්‍යාපෘතියයි.