
සිංහලයේ උත්තුංග ශිෂ්ටාචාරය නිර්මාණය කළ පදනම් තාක්ෂණය සටහන් වූයේ වෑකන්දක් මතය. වැවක් නිර්මාණය කිරීම ජාතිය සුභික්ෂ කළා පමණක් නොව සංස්කෘතියද පෝෂණය කළේය. මේ පොෙළාව අපේක්ෂා කරන තිරසර සංවර්ධනය සනාථ වන්නේ ඒ උරුමය තුළය.
එහි වර්තමානය රූපණය කළ විශිෂ්ට වාරි කර්මාන්තය මොරහගහකන්දය. කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසන් ජලාශය වූ මොරගහකන්ද කුලසිංහ ජලාශයේ පින්සාර දියවර පළමු වරට පසුගිය සිකුරාදා (30) උතුරා වාන් දැම්මේය. ස්වකීය දීර්ඝකාලීන සිහිනය සැබෑ කරමින් නිර්මාණය වූ ජලාශය උතුරා වාන් දමනු දකින්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයෝ ජලාශය අභිමුවට ගියහ. ඔහු දෙනෙත් මානයේ මේ ගලා හැලෙන්නේ සිරිසාර ජාතියක අනාගත සුබ ලකුණු නොවේද?
සේයාරුව - සුදත් සිල්වා