විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ලේක්හවුසියේ දී | සිළුමිණ

විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ලේක්හවුසියේ දී

ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට විශේෂ පුණ්‍යානුමෝදනා කිරීම සහ ආයතනයේ නව පාලනාධිකාරියට හා සේවකයන්ට ආශීර්වාද කිරීම අරමුණු කරගත් විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ලේක්හවුස් සභාපති වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (30) පැවැත්විණි.

ප්‍රංසයේ ප්‍රධාන සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, ශාස්ත්‍රපති කිරිඉබ්බන්ආරේ විජිත හිමි හා කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විතාරන්දෙණියේ මේධානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළහ.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දිනේෂ් දොඩන්ගොඩ, ආයතනයේ නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රමුඛ එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් සහ ලේක්හවුස් ආයතනයේ සුබසාධක අංශය එක්ව මේ දානමය පින්කම සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනුර ගොඩකන්ද මහතා ඇතුළු ආයතනයේ පාලනාධිකාරියේ නිලධාරීහු පිරිසක් ද පුණ්‍යානුමෝදනා අවස්ථාවට එක් වූහ.

Comments