
පසුගිය වසරේ දොඩම් ආනයනයට රුපියල් මිලියන 2760ක් වැය වූ බවත් එම නිසා මේ වසරේ සිට බිබිල ප්‍රදේශය මුල් කරගෙන මොනරාගල දිස්ත්‍රික්කය පුරාම දොඩම් වගා කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා අක්කර 2200 ක භූමි කලාපයක් වෙන් කර ඇතැයි ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ සඳහා පැණි දොඩම් පැළ 85,000 ක් රෝපණයට කටයුතු කර ඇති අතර පළමු වසර තුළ පැණි දොඩම් කිලෝ මිලියන 15 ක අස්වැන්නක් අපේක්ෂා කර ඇත. වගා කෙරෙන සම්පුර්ණ අස්වැන්න මිලට ගැනීමට පෞද්ගලික අංශය ඉදිරිපත්ව ඇත.