
වත්මන් දේශපාලන අර්බුදය විසඳාගැනීම උදෙසා කළ යුතු එකම ක්‍රියාමාර්ගය මහ මැතිවරණයක් පැවැත්වීම පමණක් බව පසුගිය සිකුරාදා කොළඹදී පැවැති ජාතික මහා සඟ සමුළුවට සහභාගි වූ දහසකට අධික භික්ෂූන් වහන්සේ ඒකමතිකව පැවැසූහ. කොළඹ නෙළුම් පොකුණේ පැවැති එම ජාතික මහා සඟ සමුළුව සංවිධානය කර තිබුණේ වත්මන් අර්බුදය විසඳාගැනීම පිණිස පොදු වශයෙන් එකතු වූ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ විසිනි.
මහ නායක හා අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය එහිදී දන්වා සිටියේ වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනිමට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ලබන බවක් නොපෙනෙන හෙයින් එය විසඳා ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.
ගංතුනේ අස්සජි නා හිමියන් මුලසුන හෙබ වූ මේ ජාතික මහා සඟ සමුළුවේ දී අවධාරණය කෙරුණේ සමස්ත රටක් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට 225ක පිරිසකට නොහැකි හෙයින් වහාම මහා මැතිවරණයක් පවත්වන ලෙසයි. කුමන හෝ පක්ෂයකින් ස්ථාවර රජයක් බිහි කර රට අරාජික වීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන ලදි.