ආණ්ඩුවක් නම් බහුතරය තිබිය යුතුයි | සිළුමිණ

ආණ්ඩුවක් නම් බහුතරය තිබිය යුතුයි

කිසිදු ආණ්ඩුවත් මෙලෙස පාර්ලිමේන්තුවේ කටයුතු වර්ජනය කර නැති බවත් ආණ්ඩුවක් නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී පෙරේදා මාධ්‍යවේදීන් අමතමිනි.

මේ නිසා තමන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ පසුව පසුතැවිලි වීමට ප්‍රථම මේ නීත්‍යනූකූල ආණ්ඩුවේ නියෝග ක්‍රියාත්මක කර අමාරුවේ නොවැටෙන ලෙස යැයිද ඒ මහතා කීය. ආණ්ඩුව විස්වාසභංගය පැරදුණ දා සිට ක්‍රියාත්මක කළ ජනතා විරෝධි කටයුතු කිසිවක් නීත්‍යනූකූල නොවන බව ද ඒ මහතා කීය.

 

Comments