
පසුගිය 26 වැනි දා දිවුරුම් දුන් ආණ්ඩුවට කිසිම නීත්‍යනුකූල අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා එසේ පැවැසුවේ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යවේදින් අමතාය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මේ වන විට එ්කපාර්ශ්වීයව මන්ත්‍රීවරුන් 121 දෙනෙකුගෙන් යුත් බහුතරයක් තමන්ට තිබෙන බව ලොවටම පෙන්වීමට හැකි වූ බවත්, එම නිසා නීත්‍යනුකූල ආණ්ඩුවක් නැති විට පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවල බහුතරය ලබා දිය නොහැකි බවත්ය.
ආණ්ඩුවේ පිරිස් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවෙන් වැළකී සිටියත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ගුටි බැට හුවමාරුවීම් අනුමත කරන බවත් මන්ත්‍රීවරයා කීය. මේ වන විට රට කොතරම් අස්ථාවර වී ඇත්ද කීවොත් අද ජී.ඇස්.පී සහනය පවා අහිමි වී යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රාජ්‍ය පාලකයන්ට විදේශයන්ට පැමිණීමේ සම්බාධක පැනවී ඇති බවත්, රටට ලැබෙන්නට තිබු ආධාර පවා මේ වන විට අහිමි වී ගොස් ඇති බවත් මේ සියල්ලන්ගෙන්ම අවසානයේ පීඩා විඳින්නේ රටේ ජනතාව හෙයින් බහුතරයක් පෙන්වු පක්ෂයට ආණ්ඩුව කරගෙන යෑමේ අවස්ථාව ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.