සයිබර් ප්‍රහාර වළක්වන්න අන්තර්ජාතික සම්මුතියක්! | Page 5 | සිළුමිණ

සයිබර් ප්‍රහාර වළක්වන්න අන්තර්ජාතික සම්මුතියක්!

සයිබර් ප්‍රහාරයන්ට මුහුණ දීම සඳහා අන්තර්ජාතික නව සම්මුතියක් ඇති කර ගැනීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාවේ සංඥා බළකා 75 වැනි සමරුව පැවැත්වෙන එළැඹෙන 28 සහ 29 දෙදින ‍කොළඹට පැමිණෙන අන්තර්ජාතික විශේඥයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු දේශීය, කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් සයිබර් ප්‍රහාරයන් වළක්වා ගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදනු ලබන බව ද යුද හමුදාපතිවරයා කීය.

සයිබර් ප්‍රහාරයන්ට මුහුණ දීම සඳහා න්‍යායන් ලෝකයේ බොහෝ රටවල මේ වනතෙක් හඳුනා ගෙන නොමැති බවත් මේ වන තෙක් ලෝකයේ රටවල් 21ක් පමණක් ජාතික ආරක්ෂාව උදෙසා සයිබර් අවකාශය යොදා ගෙන ඇති බවද හමුදාපතිවරයා කීය.

එසේ වුවත් යුද හමුදාව විසින් සයිබර් රෙජිමේන්තුවක්ද සකස් කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙරට ජාතික ආරක්ෂාව උදෙසා සයිබර් අවකාශය යොදා ගැනීමේ වැදගත්කම ‍මේ වන විට පෙන්වා දී ඇතැයිද ඔහු කීය.

ලෝකයේ වෙනත් රටක සිට සිදු කරනු සයිබර් අවකාශ වැරැදි සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුට විරුද්ධව තවත් රටකට නීතිමය පියවරක් ගත නොහැකි හෙයින් ඉදිරියේදී එවැනි සම්මුතියක් ඇති කර ගැනීමට කටයුතු යෙදීම වැදගත් බවද හමුදාපතිවරයා කීය.

 

Comments