සම්ප්‍රදායට ගරු කරන තෙක් මැතිසබේ වර්ජනය කරනවා | සිළුමිණ

සම්ප්‍රදායට ගරු කරන තෙක් මැතිසබේ වර්ජනය කරනවා

කතානායකවරයා පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කරන තෙක් ආණ්ඩු පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු කටයුතු වර්ජනය කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා ඒ් බව පැවැසූයේ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා සඳහන් කළේ කතානායකවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් ජාලයකට පත්කර ඇති බවත් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා ඇති බවත්, එම නිසා ලබන මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ තීන්දුව ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමිය යුතු බවත්ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදි ඇමැති විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වීය. “කතානායකවරයා රනිල්, අනුර හා සුමන්තිරම් යන ත්‍රිත්වයෙන් යුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායක් අනුගමනය කිරීම ලැජ්ජා සහගත දෙයක්. කතානායකවරයා විසින් අගමැතිවරයා, ජනාධිපතිවරයා පිළි නොගන්නේ නම් තම පක්ෂය කතානායකවරයා කිසිසේත් පිළි නොගන්නා බවද කීය.

විපක්ෂයේ පිරිස් පසුගිය සිකුරාදා තේරීම් කාරක සභාවක් පත්කිරීමට ඡන්දයක් පැවැත්වීම ඔවුන්ගේ ස්වයං ආස්වාදයට හේතුවක් බවත් යම් දිනක ඔවුන් විධිමත් ආකාරයෙන් විස්වාසභංගයක් ගෙන එයි නම් රජය එයට නොබියව මුහුණ දී බහුතරය පෙන්වීමට සූදානම් බවත් ය.

 

Comments